විගණන අංශය
  1. සමුපකාර සමිතිවල වාර්ෂික විගණනය සිදුකර වාර්තාවක් ලබා දීම
  2. විගණනවලින් හෙලි වන අඩුපාඩු සම්බන්ධව සමිතිවලට දැනුම් දීම.
  3. ලියාපදිංචිය අවලංගු කළ සමිතිවල විගණනය
  4. විගණන වාර්තා ලේඛණගත කර පවත්වාගෙන යාම.
සංවර්ධන අංශය
  1. සමුපකාර සමිති සංවිධානය හා ලියාපදිංචි කිරිම.
  2. සමුපකාර සමිති වල රැස්වීම්වලට සහභාගී වීම.
  3. සමිතිවල නිලවරණ අවස්ථාවලට අවශ්‍ය උපදෙස් ලබා දීම, සහයෝගය දැක්වීම, හා නිලවරණ පැවැත්වීම.
  4. පොත්පත් පවත්වාගෙන යාමට හා ගිණුම් තැබීමට අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම ලබාදීම.
  5. සමිතිවල ව්‍යවස්ථා සැකසීමට මගපෙන්වීම.
  6. විගණනයෙන් හෙලිවන අඩුපාඩු/ දෝෂ නිවැරදි කර වීම.
  7. රාජ්‍ය ආධාර නිසි පරිදි මෙහෙයවීම.
  8. කල්පසු ණය පිළිබද සොයා බැලීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා මෙහෙයවීම.
  9. සමුපකාර සමිතිවල මානව සම්පත්  කළමනාකරණයට හා නීත්‍යානුකූල තත්ත්වයට අනුගත කරවීමට අවශ්‍ය මග පෙන්වීම.
  10. ව්‍යවස්ථාපිත කාර්යයන්ට අදාළ නිර්දේශ ලබා දීම.
  11. සමිතිවල සැලසුම් හා අයවැය ඇස්තමේන්තු සැකසීමට මග පෙන්වීම.
  12. අක්‍රිය සමුපකාර සමිති ප්‍රතිසංවිධානයට අවශ්‍ය කටයුතු කිරීම.
  13. සමිතියේ සැලැස්මට අනුව ප්‍රගතිය සමාලෝචනය
සංවර්ධන හා සැලසුම් අංශය
  1. පළාත් සභා ප්‍රතිපාදන සඳහා අදාළ ඇස්තමේන්තු සකස් කිරීම
  2. අනුමත ඇස්තමේන්තු සඳහා ව්‍යාපෘති වාර්තා සකස් කිරීම සඳහා මඟපෙන්වීම හා ව්‍යාපෘති වාර්තා සමිති මගින් ගෙන්වා ගැනීම
  3. ව්‍යාපෘති අනුමත කිරීම
  4. අනුමත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  5. ප්‍රගති සමාලෝචනය
  6. පසුවිපරම් කටයුතු
පර්යේෂණ ධාරිතා සංවර්ධන හා පුහුණු අංශය
  1. පුහුණු අවශ්‍යතා හඳුනාගැනීම
  2. පුහුණු වැඩසටහන් සකස් කිරීම
  • සමුපකාර සමිති කාර්ය මණ්ඩලය
  • සමුපකාර දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය
  1. පුහුණු වැඩසටහන් අනුමත කරගැනීම
  2. පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  3. ක්ෂේත්‍රගත වැඩසටහන් සංවිධානය හා ක්‍රියාත්මක කිරීම
තීරක අංශය
  1. කාර්යාලයට ඉදිරිපත් වන ආරවුල් ඉල්ලීම් 68 වගන්තිය ප්‍රකාරව විභාග කර ප්‍රදානයක් ලබාදීම.
  2. ආරවුල් විභාග කළ ගොනු පවත්වා ගෙන යාම.
  3. උසාවිගත කර අය කිරිම සදහා කෙරෙන ඉල්ලීම් අනුව උසාවි ගත කිරිම.
  4. අධිකරණයට අයවන මුදල් ලබාගෙන සමිතිවලට බෙදාහැරීම හා ඊට අදාල පොත්පත්/ ලේඛන පවත්වාගෙන යාම.
  5. කල්පසු ණය හා ඊට අදාල පියවරයන් අනුගමනය කිරිම පිළිබද ප්‍රගතිය සමාලෝචනය.
නීති අංශය
  1. චක්‍රලේඛ නිකුත් කිරීම
  2. අභියාචනා පර්යේෂණ කටයුතු
  3. දෙපාර්තමේන්තුවට අදාළ නඩු සඳහා ඉදිරිපත්වීම හා අදාළ තොරතුරු ලබාදීම
  4. පරීක්ෂණ හා විමර්ශන කටයුතු
  5. නීති මුලාශ්‍ර යාවත්කාලීන කිරීම
බැංකු නියාමන අංශය
  1. මුල්‍ය සේවා සමුපකාර සමිතිවල පරීක්ෂණ සිදු කිරීම
  2. ප්‍රගතිය සමාලෝචනය
  3. ආයතන සමඟ සම්බන්ධීකරණය
  4. නව තාක්ෂණය භාවිතා කිරීම සඳහා සමිති සම්බන්ධයෙන් කටයුතු කිරීම
ඈවර අංශය
  1. ලියාපදිංචිය අවංගු කිරිම.
  2. අවලංගු වු සමිතිවල වත්කම් හා පොත්පත් භාර ගැනීම හා පවත්වා ගෙන යාම.
  3. අවලංගු වු සමිතිවල වත්කම් රැස් කිරිම හා වගකීම් පියවීම.
  4. අවශ්‍ය අවස්ථාවල වත්කම් රැස් කිරිමට අදාල නීතිමය කටයුතු සිදු කිරීම.
  5. නීතිමය කටයුතු වලදී පැමිණිලි පාර්ශවය ලෙස ඉදිරිපත් වීම.
  6. ගනුදෙනු පියවූ සමිති වසා දැමීම.
ආයතන අංශය
  1. පෞද්ගලික ලිපිගොණු සම්බන්ධ සියලු කටයුතු
  2. අග්‍රහාර රක්ෂණ කටයුතු
  3. තැපෑල සම්බන්ධ කටයුතු
  4. සමුපකාර සමිති කටයුතු සඳහා අදාළ සියලු ආයතන කටයුතු
  5. තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධ රාජකාරි කටයුතු
  6. කාර්යමණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරීම
  7. නිවාඩු සම්බන්ධ කටයුතු
  8. ඊ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
ගිණුම් අංශය
  1. වැටුප් සැකසීම
  2. විගණන විමසුම් කටයුතු
  3. බැංකු සැසදුම් පිළියෙල කිරීම
  4. සිගාස් වැඩසටහන යාවත්කාලීන කිරීම
  5. මුදල්පොත, පොදු තැන්පත් ලෙජරය, අත්තිකාරම් බී ලෙජරය ආදී ගිණුම් ලේඛන යාවත්කාලීන කිරීම.
  6. සමුපකාර අරමුදල සම්බන්ධ සියලු කටයුතු
  7. ගෙවීම් වවුචර් සම්බන්ධ සියළු කටයුතු
  8. ඈවර පියවීමේ කටයුතු
  9. ඇස්තමේන්තු සකස් කිරීම

විසර්ජන ගිණුම සැකසීම