හැදින්වීම


13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 09 වන උප ලේඛනයට අනුව සමුපකාර විෂය පළාත් සභා විෂය පථයට අයත් වීමත් සමඟ ඌව පළාතේ සමුපකාර විෂය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාපිත වූ අතර, ඒ යටතේ බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික් සඳහා දිස්ත්‍රික් සහකාර කොමසාරිස් කාර්යාලය බැගින් ස්ථාපිත කර ඇත. ඒ අනුව පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර් තනතුරක්, දිස්ත්‍රික් කාර්යාල සඳහා දිස්ත්‍රික් සහකාර කොමසාරිස් තනතුරු හා පළාත් කාර්යාලය සඳහා පළාත් සමුපකාර සහකාර කොමසාරිස් තනතුරක් ද ස්ථාපිත කර පරිපාලනමය කටයුතු විමධ්‍යගත කර ඇත.

ඌව පළාතේ සමුපකාර ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට යොදවා ගත හැකි විශිෂ්ඨ මානව සම්පතක් සහ සමුපකාරිකයින් පිරිසක් බිහිකිරීම උදෙසා ඌව පළාත් සමුපකාර කළමනාකරණ සංවර්ධන ආයතනය මොනරාගල ස්ථාපිත කර ඇත.

ඒ අනුව සමුපකාර සමිතිවල සංවර්ධන, විගණන, අධීක්ෂණය, ඈවර  කටයුතු ඉටුකිරීම සඳහා හා ආයතනික කටයුතු ඉටුකිරීම වෙනුවෙන්  නිලධාරින් 191දෙනෙක්  රාජකාරී කටයුතු වල නිරතව සිටීති.

විවිධ වූ සමුපකාරික අරමුණු ඉටුකර ගැනීම සඳහාත් සඳහා ග්‍රාමීය, නාගරික හා වතු ආශ්‍රිත ප්‍රජාව සංවිධානය වෙමින් ඌව පළාත පුරා සමුපකාරික සමිති පිහිටුවා ඇති අතර,  මේ සඳහා අවශ්‍ය දැනුම, උපදේශන සේවා, අධීක්ෂණ, මෙහෙයුම් , ප්‍රගතිය හා විගණන කටයුතු ඉටුකරදීමට සහය රාජ්‍ය යාන්ත්‍රණයෙන් ලබාදෙනු ලැබේ

ඌව පළාත වූ මෙකී සංවිධාන ගත වූ සමිතිවල කටයුතු විධිමත් කිරීම, සමුපකාරික ප්‍රජාවට වඩා යහපත් වූ සේවාවක්  ඉටුකරමින් සමිතියේ කටයුතු ලාභදායීව පවත්වාගෙනයාම, කාලීනව ඇතිවන ගැටළු අවම කිරීම හා රාජ්‍ය ප්‍රතිපත්තීන් වලට අනුකූලව සමිති පවත්වාගෙන යාම සඳහා  2011 අංක 03 දරන ඌව පළාත් සමූපකාර සමිති ප්‍රඥප්තිය සම්පාදනය කර ඇත. එම ප්‍රඥප්තියට අදාලව රීතිමාලාව සකස්කර තිබෙන අතර, සමිතිවල කටයුතු විධිමත් කිරීම සඳහා චක්‍රලේඛ සම්පාදනය කරනු  ලැබේ.